by Staff writer 10-02-2019 | 12:08 PM
COLOMBO (News 1st) - මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන අන්දරේවත්තේ චාමර නැමැත්තා අද අලුයම ග්‍රෑන්ඩ්පාස්, මහවත්ත ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය සඳහන් කළේ, අත්අංඩගුවට ගන්නා අවස්ථාවේ ඔහු සන්තකයේ තිබි ජීව අත්බෝම්බයක් සහ හෙරොයින් ග්‍රෑම් 5 ක් සොයාගත් බවයි.
සැකකරු බන්ධනාගාරගතව සිටින දෙමටගොඩ චමින්ද සමග එක්වී මත්කුඩු ජාවාරමේ යෙදෙන අයෙකු බවට හඳුනාගෙන තිබේ.
ඔහු අංගොඩ ලොක්කා සහ මාකඳුරේ මධුෂ්ගේ සහයකයෙකු ලෙස කටයුතු කරමින් මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවා ඇති බව පොලීසිය සඳහන් කළේ ය.
ගිනි අවි පෙන්වා පුද්ගලයින්ට තර්ජනය කිරීම් හා කප්පම් ගැනීම් ඇතුළු සිද්ධි රැසකට සම්බන්ධ ඔහු පොලීසිය මගහරිමින් සිටියදී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අද අලුයම අත්අඩංගුවට ගත්තේ ය.