දුම්වැටි සමග කටුනායකදී  5දෙනෙක් රේගු දැලේ

දුම්වැටි සමග කටුනායකදී 5දෙනෙක් රේගු දැලේ

by Sagarika Chathumali 10-02-2019 | 4:21 PM
COLOMBO (News 1st) : එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට නීති විරෝධීව මෙරටට රැගෙන ආ දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 5 දෙනෙකු අද අලුයම කටුනායක ගුවන්තොටුපළේදී රේගු භාරයට ගෙන තිබේ. රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා සඳහන් කළේ, සැකකරුවන් සතුව තිබී රුපියල් 3146000ක් වටිනා දුම්වැටි කාටුන් 286 ක් සොයාගත් බවයි. දුම්වැටි සමග අත්අඩංගුවට ගෙන ඇත්තේ,  කොළඹ සහ මීරිගම පදිංචිකරුවන් පිරිසකි. රේගු විමර්ශනවලින් පසු සැකකරුවන්ට රුපියල් එක් ලක්ෂ පනස් දහසක දඩයක් නියම කර දුම්වැටි තොගය රාජසන්තක කළ බව සුනිල් ජයරත්න මහතා සඳහන් කළේ ය.