by Sagarika Chathumali 10-02-2019 | 3:06 PM
COLOMBO (News 1st) : තණමල්විල ප්‍රදේශයේදී සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මිය ගොස් තවත් අයෙකු තුවාල ලැබී ය.
පොලීසිය පැවසුවේ, අද දහවල් 12.20 ට පමණ සිදුවූ වෙඩි තැබීමෙන් සුදු හකුරු සුමිත් හෙවත් වසන්ත නමැති 42 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් ඇති බවයි.
සිද්ධියෙන් තුවාල ලැබූ 22 හැවිරිදි පුද්ගලයෙකු ප්‍රතිකාර සඳහා හම්බන්තොට රෝහලට ඇතුළත් කර ඇතැයි ද පොලීසිය පැවසී ය.
යතුරුපැදි දෙකකින් පැමිණි පුද්ගලයින් 4 දෙනෙකු වෙඩි තැබීම සිදුකර පළාගොස් තිබේ.
පොලීසිය පැවසුවේ, ඔවුන් අත්අඩංගුවට ගැනීමට මෙහෙයුම් ක්‍රියාත්මක බවයි.
වෙඩි වැදීමෙන් මියගිය පුද්ගලයා මීට මාස 6 කට පමණ පෙර සිදුවූ මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් හඳුනා ගෙන සිටි ප්‍රධාන සැකකරුවෙකු බව ද පොලීසිය පැවසී ය.
https://www.youtube.com/watch?v=S_AsXRw9Z7k