පනාමුරේ විදුලිය සැපයුම යථා තත්ත්වය පත් කිරීම ඇරඹේ

කොළොන්න සහ පනාමුරේ බිඳ වැටී ඇති විදුලිය සැපයුම යථා තත්ත්වය පත් කිරීම ඇරඹේ

by Staff writer 10-02-2019 | 9:08 AM

COLOMBO (News 1st) - කොළොන්න සහ පනාමුරේ ප්‍රදේශයේ බිඳ වැටී ඇති විදුලිය සැපයුම යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු යොදා ඇතැයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය පවසයි.

එහි මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, ඊයේ ඇද හැළුණු අධික වර්ෂාවත් සමග අදාළ ප්‍රදේශවල විදුලිය බිඳ වැටීම් වාර්තා වූ බවයි.