by Staff writer 10-02-2019 | 6:25 PM
COLOMBO (News 1st) : හෙරොයින් සමග අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කියන ශානක මධුශංක හෙවත් සිරිගම්පොළ ඕලූමරා හෙට දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ.
ඒ, මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
ඔහු සමග අත්අඩංගුවට ගත් සෙසු සැකකරුවන් 11 දෙනා ඇප මත මුදා හැර තිබේ.
හෙරොයින් ග්‍රෑම් 2 යි මිලිග්‍රෑම් 300 ක් සමග ඊයේ රාත්‍රී මොවුන් අත්අඩංගුවට ගැනුණේ, වෙන්නප්පුව, කිරිමැටියානවත්ත, ලුණුවිල පිහිටි ඔහුගේ නිවසකදීයි.
පොලීසිය වැටලීම සිදු කරන අවස්ථාවේ සැකකරුගෙන් හෙරොයින් මිලදී ගැනීමට පැමිණ සිටි කාන්තාවක ඇතුළු සැකකරුවන් 11 දෙනෙකු ද අත්අඩංගුවට ගැනිණ.