English
தமிழ்
කර්තෘ Staff writer
10 Feb, 2019 | 8:07 am
ඇය, 2020 අමෙරිකානු ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ප්‍රබල අපේක්ෂිකාවකි.
එළිසබෙත් වොරන් වේදිකාවට පැමිණීමට පෙර ජනපති ට්‍රම්ප්ගේ ආධාරකරුවන් විරෝධතාවක ද නිරත විය.
කෙසේ වෙතත් සිය මැතිවරණය ව්‍යාපාරය එළිදක්වමින් ඇය සඳහන් කළේ, සෑම පුරවැසියෙකු සඳහාම සේවය කරන අමෙරිකාවක් ගොඩනැගීම තම අරමුණ බවයි.
එය, සිය ජීවිත පිළිබඳ සටනක් බව ද ඇය සඳහන් කළා ය.
සියලු අමෙරිකානුවන් වෙනුවෙන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව තමා සටනට අවතීර්ණ වන බව ද ඇය පැවසුවා ය.
ධනේෂ්වර සමාජ ක්‍රමය විවේචනය කළ එළිසබෙත් වොරන්, සියලු වැසියන්ට සමාන අයිතිවාසිකම් සහිත අමෙරිකාවක් ගොඩනගන බවට පොරොන්දුවක් ද ලබාදුන්නා ය.
මේ වන විට 69 වන වියෙහි පසුවන එළිසබෙත් වොරන්, අමෙරිකානු සෙනට් සභිකයෙකු ලෙස කටයුතු කරනු ඇති.
අමෙරිකානු ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිතව ඇත්තේ, 2020 වසරේ නොවැම්බර් 3 වැනිදා යි.
2016 වසරේ අමෙරිකාවේ 45 වැනි ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ ඩොනල්ඩ් ට්‍රම්ප්, සිය දෙවන ධූර කාලය සඳහා මෙවර තරග වදින්නේ රිපබ්ලිකන් පක්ෂය නියෝජනය කරමිනි.
2020 ජනාධිපතිවරණයෙන් තේරී පත්වන නව ජනාධිපතිවරයාගේ ධූර කාලය, 2021 වසරේ ජනවාරී 20 වැනි දායින් ආරම්භ වනු ඇති.
16 Feb, 2019 | 07:33 AM
01 Feb, 2019 | 08:16 AM
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS