ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් 10 දෙනෙකුට උසස්වීම්

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් 10 දෙනෙකු නි. පොලිස්පති තනතුරට උසස් කෙරේ

by Staff writer 09-02-2019 | 6:49 AM

COLOMBO (News 1st) - තව ත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් කිහිප දෙනෙකු නියෝජ්‍ය පොලිස්පති තනතුරට උසස් කිරීමට ජාතික පොලිස් කොමිසම පියවර ගෙන තිබේ.

එහි ලේකම් සමන් දිසානායක මහතා පැවසුවේ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් 10 දෙනෙකු සඳහා එලෙස උසස්වීම් ලබාදීමට පියවර ගෙන ඇති බවයි. මේ වසරේ ජනවාරි මාසයේ සිට ක්‍රියාත්මක වන පරිදි එම උසස්වීම් ක්‍රියාත්මක බව ලේකම්වරයා පැවසුවේ ය.