ජලපවාහන මණ්ඩලය දැවැන්ත මූල්‍ය අර්බුධයක

ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය දැවැන්ත මූල්‍ය අර්බුධයක

by Staff writer 09-02-2019 | 1:15 PM

COLOMBO (News 1st) - ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය මේ වන විට දැවැන්ත මූල්‍ය අර්බුධයකට මුහුණ පා ඇතැයි වෘත්තිය සමිති චෝදනා කරයි.

ජල සම්පාදන සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ඉංජිනේරු උපාලි රත්නායක මහතා සඳහන් කළේ, වසර ගණනාවක සිට ජල සම්පාදන මණ්ඩල විවිධ ව්‍යාපෘති සඳහා බව පවසමින් ණය ලබා ගැනීම හේතුවෙන් මේ තත්ත්වය මතු ව ඇති බවයි. මේ වන විට ජල සම්පාදන මණ්ඩලයේ ණය ප්‍රමාණය බිලියන 70 ක් පමණ වන බව ද ඔහු පෙන්වා දෙයි. එම ණය පියවීමට විධිමත් ක්‍රමවේදයක් ආණ්ඩුවට නොමැති බවට උපාලි රත්නායක මහතා චෝදනා කර තිබේ. මේ සම්බන්ධයෙන් ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලයේ උසස් නිලධාරියෙකුගෙන් නිව්ස්ෆස්ට් විමසිමක් කළේ ය. ඔහු සඳහන් කළේ, ණය පියවීම සඳහා ජල ගාස්තු සංශෝදනයක් අවශ්‍ය බවයි. ජල ගාස්තු වැඩි කිරීම සම්බන්ධයෙන් වූ යෝජනාවක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ ද විවිධ හේතුමත ඒ සඳහා මෙතෙක් අනුමැතිය ලැබී නොමැති බව එම උසස් නිලධාරියා ප්‍රකාශ කළේ ය.