ගිනිඅවි 2 ක් සමග සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට

ගිනිඅවි 2 ක් සමග සැකකරුවන් තිදෙනෙකු මාතරදී අත්අඩංගුවට

by Staff writer 09-02-2019 | 12:21 PM

COLOMBO (News 1st) - මෙරට නිෂ්පාදිත ගිනිඅවි දෙකක් සමග සැකකරුවන් තිදෙනෙකු මාතරදී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ, බෙලිඅත්ත, හම්බන්තොට හා පාලටුව ප්‍රදේශයේ පදිංචි 29, 34 හා 83 හැවිරිදි පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි. අත්අඩංගුවට ගත් සැකකරුවන් අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත වේ.