කොළඹට අද පැය 18 ජල කප්පාදුවක්

කොළඹට අද පැය 18 ජල කප්පාදුවක්

by Staff writer 09-02-2019 | 7:53 AM

COLOMBO (News 1st) - අද පෙරවරු 9.00 සිට පැය 18 ක් කොළඹ ප්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය පවසයි.

ඒ අනුව කොළඹ, කොටුව, කොටහේන, ග්‍රෑන්ඩ්පාස් හා මට්ටක්කුලිය යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇති. මීට අමතරව පිටකොටුව ප්‍රදේශයට අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙන බව ද ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය සඳහන් කළේ ය. එම මණ්ඩලය පැවසුවේ, කොළඹ ජල සම්පාදන ක්‍රමයේ වැඩිදියුණු කිරීමේ ජලනල එළීමක් හේතුවෙන් අද දිනයේ මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි.