by Staff writer 09-02-2019 | 1:31 PM
COLOMBO (News 1st) - අහුංගල්ල රාජපක්ෂ විද්‍යාලයේ ක්‍රීඩාංගණය ආසන්නයේ වලදමා තිබූ ජීව අත්බෝම්බයක් ඊයේ පස්වරුවේ නිෂ්ක්‍රීය කර තිබේ.
අප වාර්තාකරු පැවසුවේ, එම විද්‍යාලයේ තාප්පයක් ඉදිකිරීම සඳහා කානුවක් කපමින් සිටි දෙමාපියන් පිරිසකට අදාළ ජීව අත්බෝම්බය හමුව ඇති බවයි.
ඔවුන් ඒ පිළිබඳව අහුංගල්ල පොලීසිය දැනුවත් කළේ ය.
පසුව එම ස්ථානයට ඇල්පිටිය පොලිස් අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් ද කැඳවූ බව අප වාර්තාකරු පැවසුවේ ය.
ජීව අත්බෝම්බය නිෂ්ක්‍රීය කෙරුනේ අහුංගල්ල වෙරළ තීරයේ ජන ශුන්‍ය ප්‍රදේශයකදීයි.
ඒ කළුතර පොලිස් විශේෂ කාර්ය බලකායේ බෝම්බ නිෂ්ක්‍රීය අංශයේ නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් ය.