අද රාත්‍රී 9.00 සිට කොළඹ ප්‍රදේශ රැසකට ජලය කැපේ

අද රාත්‍රී 9.00 සිට කොළඹ ප්‍රදේශ රැසකට ජලය කැපේ

by Staff writer 09-02-2019 | 5:07 PM
COLOMBO (News 1st) - අද රාත්‍රී 9.00 සිට පැය 18ක් කොළඹ ප්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. ඒ අනුව කොළඹ, කොටුව, කොටහේන, ග්‍රෑන්ඩ්පාස් හා මට්ටක්කුලිය යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇති. මීට අමතරව පිටකොටුව ප්‍රදේශයට අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙන බව ද ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේ ය. එම මණ්ඩලය පැවසුවේ, කොළඹ ජල සම්පාදන ක්‍රමයේ වැඩිදියුණු කිරීමේ ජල නළ එලීමක් හේතුවෙන් අද දිනයේ මෙලෙස ජල සැපයුම අත්හිටුවන බව ය. මේ අතර මාර්ග සංවර්ධන කටයුතු හේතුවෙන් හෙට අලුයම 4.00 සිට අනිද්දා අලුයම 4.00 දක්වා රාජගිරිය ඇතුළු ප්‍රදේශ කිහිපයකට පැය 24 ක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. මොරගස්මුල්ල, රාජගිරිය, ඇතුල්කෝට්ටේ, ඔබේසේකරපුර, බණ්ඩාරනායකපුර, නාවල, කොස්වත්ත සහ රාජගිරිය සිට නාවල විවෘත විශ්වවිද්‍යාලය දක්වා ප්‍රධාන මාර්ගය මෙන්ම ඊට සම්බන්ධිත සියලු අතුරු මාර්ගවල අදාළ කාලය තුළ ජල සැපයුම අත්හිටුවනු ඇති.