රාජකන්‍යා කුමරිය තායි රජ පවුලෙන් නෙරපීමේ සූදානමක්

රාජකන්‍යා කුමරිය තායි රජ පවුලෙන් නෙරපීමේ සූදානමක්

රාජකන්‍යා කුමරිය තායි රජ පවුලෙන් නෙරපීමේ සූදානමක්

කර්තෘ Staff writer

09 Feb, 2019 | 8:12 am

සිය සොහොයුරිය මහ මැතිවරණයේ අගමැති අපේක්ෂිකාවක ලෙස ඉදිරිපත්වීම තායිලන්තයේ වජිරාලොන්ග් කෝන් රජු හෙළා දැක තිබේ.

ඔහු පැවසූවේ, එය රජ පවුලට මෙන්ම තායිලන්ත සංස්කෘතියට කළ නිගාවක් බවයි.

තායි රජුගේ වැඩිමහල් සොහොයුරිය වන උබොල් රටානා රාජකන්‍යා කුමරිය, තායි රක්ෂා පක්ෂයේ අගමැති අපේක්ෂිකාව ලෙස ඉදිරිපත් වන බව ඊයේ නිවේදනය කෙරුණි.

රාජකන්‍යා කුමරිය එලෙස මැතිවරණ සටනට ඉදිරිපත්ව ඇත්තේ, හිටපු අගමැති තක්ෂීන් ශිනවත්ට සහය පළ කරන පක්ෂයකිනි.

තායි රජ පවුල සම්ප්‍රදායිකව දේශපාලන කටයුතුවලින් ඉවත්ව ඇති පසුබිමක සිය වැඩිමහල් සොහොයුරියගේ ක්‍රියා කලාපය කිසිසේත් අනුමත නොකරන බව තායි රජු අවධාරණය කළේ ය.

මේ අනූව ඉදිරියේදී ඇය රජ පවුලෙන් නෙරපා දමනු ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

67 වන වියෙහි පසුවන උබොල් රටානා රාජකන්‍යා කුමරිය තායිලන්ත සිනමා පට කිහිපයකට ද රංගන දායකත්වය ලබාදී ඇත.

1972 වසරේදී අමෙරිකානුවෙකු විවාහ කරගැනීමත් සමග ඇයට රජ පවුලේ සියලු වරප්‍රසාද අහිමි විණි.

දික්කසාද වූ උබොල් රටානා රාජකන්‍යා කුමරිය, 1990 වසරේදී යළි සිය රට පැමිණ පසුව රාජකීය කටයුතු හා සම්බන්ධ විය.

ප්‍රබල සමාජ ක්‍රියාකාරිනියක වන රාජකන්‍යා කුමරිය පවසන්නේ, අග්‍රාමාත්‍ය ධූරයට ඉදිරිපත් වී සාමාන්‍ය පුරවැසියෙකුට හිමි වරප්‍රසාද ලබාගැනීමට තමාට අවශ්‍ය බවයි.

මෙය වසර 5 ක් තිස්සේ හමුදා පාලනයක් යටතේ ක්‍රියාත්මක තායිලන්තය, ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයක් කරා රැගෙන යාමක් බව දේශපාලන විචාරකයින් පවසති.

තායිලන්ත මහ මැතිවරණය ලබන මාර්තු මස 24 වැනි දා පැවැත්වෙනු ඇති.

එහිදී ඇගේ ප්‍රබල ප්‍රතිවාදී අපේක්ෂකයා වන්නේ, 2014 වසරේදී හමුදා කුමන්ත්‍රණයකින් සිය බලය තහවුරු කරගත් තායිලන්ත වත්මන් අගමැති ප්‍රයුත් චාන් ඕචායි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]