by Staff writer 08-02-2019 | 10:00 PM
COLOMBO (News 1st) - විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අද පස්වරුවේ ඉන්දියාව බලා පිටත්ව ගොස් තිබේ.
ඒ, හින්දු පුවත්පත මගින් බැංගලෝර්හිදී පවත්වනු ලබන සමුළුවක සමාරම්භක දේශනය පැවැත්වීම සඳහායි.
ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන අනාගත සබඳතා මූලික කරගෙන මහින්ද රාජපක්ෂ මහතාගේ මෙම දේශනය පැවැත්වෙනු ඇති.
සමුළුව හෙට සහ අනින්දා පැවැත්වෙනු ඇත.
දෙවන දිනයේ සමුළුවේ ප්‍රධාන දේශනය පවත්වනු ලබන්නේ ඉන්දීය උපජනාධිපති වෙන්කයිආ නායිදු මහතා ය.
විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සමුළුවට සහභාගී වන අනෙකුත් ප්‍රභූවරුන් මුණගැසීමට ද නියමිත වේ.
ඔහු විපක්ෂ නායක ධූරයට පත්වීමෙන් අනතුරුව විදේශ සංචාරයක නිරත වන පළමු අවස්ථාව ද මෙය වනු ඇත.
මාස 6 ක් තුළ මහින්ද රාජපක්ෂ මහතා ඉන්දියාවේ සංචාරයක නිරත වන දෙවන අවස්ථාව මෙයයි.