සබරගමුව, මධ්‍යම පළාත්වලට මිලිමීටර් 150 ඉක්මවූ වැසි

සබරගමුව, මධ්‍යම පළාත්වලට මිලිමීටර් 150 ඉක්මවූ වැසි

by Staff writer 08-02-2019 | 5:38 PM

COLOMBO (News 1st) - සබරගමුව, මධ්‍යම, වයඹ සහ ඌව පළාත්වලට මෙන්ම ගාල්ල, මාතර සහ මන්නාරම දිස්ත්‍රික්කවලට ඉදිරි පැය 6 ය තුළ ප්‍රබල අකුණු සමග ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එහි ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, සබරගමුව හා මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 150 ඉක්ම වූ තද වැසි ඇතිවිය හැකි බවයි. බස්නාහිර, වයඹ, දකුණ සහ ඌව පළාත්වලට මිලිමීටර් 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකි වනු ඇත. සෙසු පළාත්වලට මිලිමීටර් 75 ක පමණ වැසි ඇතිවිය හැකි අතර අකුණු මගින් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.