"පාතාලයෝ, මත්කුඩුකාරයෝ අල්ල ගත්ත එකට උප්පැන්න දෙන්න කොච්චර අය ඉන්නවද..?" - ජනපති

by Staff writer 08-02-2019 | 9:41 PM

COLOMBO (News 1st) - ස්මාර්ට් ශ්‍රී ලංකා වෘත්තීය මාර්ගෝපදේශන ආයතන ජාලය ගොඩනැංවීමේ ව්‍යාපෘතිය අද පොළොන්නරුවෙන් ආරම්භ කෙරුණි.

විරැකියා ගැටළුවට ස්ථිර විසඳුමක් දෙමින්, රැකියා පුහුණු හා සම්පාදන මධ්‍යස්ථාන හරහා ව්‍යවසායකයින් බිහිකිරීමත් රැකියා පිරිනැමීමත් මෙහි අරමුණයි. පොළොන්නරුව නව නගරයේ ඉදිකළ වෘත්තීය මාර්ගෝපදේශන කාර්යාලය අද පෙරවරුවේ විවෘත කෙරුණේ ස්මාර්ට් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය අරඹමිනි. මෙහි ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වූයේ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතායි. පස්වරුවේ පැවැති උත්සවය සංස්කෘතිකාංගවලින් ද විචිත්‍රවත් විය. ජනපති, මෛත්‍රීපාල සිරිසේන,
දැන් දවසක් දෙකක් තුනක් යනවා ඔය මාධ්‍යවල හෝ ගාලා ඩුබායිවල අපේ අපරාධකාරයෝ අල්ල ගත්ත එක ගැන. පාතාලයෝ මත්කුඩුකාරයෝ දැන් ඒගොල්ලෝ අල්ල ගත්ත එකට උප්පැන්න දෙන්න කොච්චර අය ඉන්නවද. ඒකට අයිතිකාරයෝ දැන් කොච්චර ඉදිරිපත් වෙලා ඉන්නවද. මං දැක්කා අද පත්තරේ කියලා තියෙනවා එක ඇමතිවරයෙක් ආණ්ඩුවේ මේ එක හැදුවේ අපි පාතාලේ ඔය කට්ටිය ඊයේ පෙරේදා අල්ලපු අය අල්ලන්න ඔය දැල එළුවේ අවුරුදු ගාණකට ඉස්සෙල්ල කියලා. ඒක නෙමේ අල්ලගත්ත තමන් වැඩක් කරලා තමන් සතුටු වෙලා තමන් විසින් තමන් කළ දේ ගැන සතුටුවීම ඉතාම අත්‍යවශ්‍ය දෙයක්