බේරුවල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරියක් අත්අඩංගුවට

නිවසේ සූදු පිටියක් පවත්වා ගෙන ගිය බේරුවල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරියක් අත්අඩංගුවට

by Staff writer 08-02-2019 | 1:59 PM
COLOMBO (News 1st) - සිය නිවසේ සූදු පිටියක් පවත්වා ගෙන ගිය බේරුවල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරියක ඇතුළු 13 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ, ඒ අතර කාන්තාවන් 10 දෙනෙකු වන බව ය. අත්අඩංගුවට ගත් සැකකරුවන් අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.