by Staff writer 08-02-2019 | 3:16 PM
COLOMBO (News 1st) - ගම්පහ අධිකරණ සංකීර්ණය අවට සැකකටයුතු අන්දමින් සැරිසැරූ සැකකරුවන් 11 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඔවුන් එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, පස් පොඩ්ඩා නැමති පාතාල කල්ලි සාමාජිකයා ඇතුළු සැකකරුවන් කිහිප දෙනෙකුට එරෙහිව අද දිනයේ ගම්පහ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයේ පැවැත්වීමට නියමිතව තිබූ නඩුවක් හේතුවෙන් අධිකරණ පරිශ්‍රය අවට ආරක්ෂාව තර කර තිබියදීයි.
අත්අඩංගුවට පත් සැකකරුවන් නඩු විභාගවලට පැමිණි පාතාල ක්‍රියාකරුවන්ගේ ගෝලයින් ද යන්න සම්බන්ධව සහ ඔවුන් අපරාධවලට සම්බන්ධ දැයි පරීක්ෂණ පැවැත්වෙන බවට පොලීසිය පැවසුවේ ය.
සැකකරුවන් 11 දෙනාගේම ඇඟිලි සලකුණු ලබාගත් පොලීසිය ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ උපදෙස් මත වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.