by Staff writer 07-02-2019 | 9:13 PM
COLOMBO (News 1st) - ශක්ති ටීවී යැයි සඳහන් කරමින් ඒ.ටී.එම්. යන්ත්‍ර මගින් සිදු කරන ගනුදෙනු පිළිබඳව කෙටි පණිවුඩයක් වට්ස්ඇප් හා එස්.එම්.එස්. පණිවුඩයක් ලෙස මේ දිනවල ව්‍යප්ත කරමින් තිබේ.
අප අවධාරණය කරන්නේ, බැංකුවල නම් සඳහන් කරමින් ශක්ති ටීවී කිසිදු අවස්ථාවක එවැනි පණිවුඩයක් ප්‍රසිද්ධ කර නොමැති බව ය.
ප්‍රසිද්ධ කරන පුද්ගලයෙකුගේ නම් ගම් මුහුණු නොමැතිව මේවා ප්‍රචාරය වීම බරපතළ සමාජ ප්‍රශ්නයක් බව අප ද අවස්ථා ගණනාවකදීම පෙන්වා දී තිබේ.
මුහුණු සඟවාගෙන කරන මෙවැනි ප්‍රචාර නිසා සිදු වූ විනාශයක හොඳම උදාහරණය මහනුවර දිගන සිදුවීමයි.
මෙම සිදු වීමෙන් පසුව ෆේස්බුක් සමාගම පුද්ගලික ගිණුම්වල තොරතුරු හුවමාරුවේදී නව ආරක්ෂක ක්‍රියාමාර්ග රැසක් ගනු ලැබුවේ ය.
වට්ස්ඇප් සමාගම දැනටමත් එකවර යැවිය හැකි පණිවුඩ ප්‍රමාණය සීමා කර තිබේ.
නමුත් තවදුරටත් මුහුණු සඟවා ගෙන කරන ප්‍රචාර සමාජයට සිදු කරමින් ඇත්තේ බරපතළ හානියකි.
මුහුණ වසාගත් කණ්ඩායම් මාධ්‍ය ආයතන ඉදිරිපිට පසුගිය දිනවල හැසිරුණු ආකාරය ඔබට මතක ද?
නොබියව ඉදිරියට පැමිණ ජනතාවට තොරතුරු ලබා දීමට ඇති බිය නිසා සැඟවී සිට බොරුව පතුරුවන්නන් පිටුපස ද මේ පුද්ගලයින් සිටිය නොහැකි ද?
පිළිගත් විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යන්ගේ හිමිකාරිත්වය රටම දන්නේ ය.
ඔවුන් ඔවුන්ගේ ස්ථාවරය වෙනුවෙන් වගකීම දරයි.
එහෙත් මුහුණු නැති අය කරන කියන දෑ අදාළව වගකීම ගන්නේ කවුද?
ආණ්ඩුවේ හා විපක්ෂයේ දේශපාලනඥයින් ඔවුන්ට හිතවත් සමාජ මාධ්‍ය හසුරුවයි.
එන්.ජී.ඕ. මුදල්වලට මුවා වී ජනතාවට වින කරන මෙවැනි පුද්ගලයින් හා ඔවුන් මෙහෙයවන සමාජ මාධ්‍ය ජාල ගැන රටේ ජනතාව තීරණයක් ගන්නා දිනය වැඩි ඈතක නොවනු ඇති.