දිස්ත්‍රික් කාර්යාල හරහා ධීවර යාත්‍රා විකිණීම නවති

ධීවර යාත්‍රා විකිණීම සහ පැවරීම දිස්ත්‍රික් කාර්යාල හරහා සිදු කිරීම අද සිට තහනම්

by Staff writer 07-02-2019 | 11:26 AM

COLOMBO (News 1st) - ධීවර යාත්‍රා විකිණීම සහ පැවරීම දිස්ත්‍රික් කාර්යාල හරහා සිදු කිරීම අද සිට තහනම් කළ බව ධීවර දෙපාර්තමේන්තුව පවසයි.

එහි මෙහෙයුම් අධ්‍යක්ෂ කල්‍යානී හේවාපතිරණ මහත්මිය සඳහන් කළේ, ධීවර යාත්‍රා යොදා ගනිමින් සිදුවන විවිධ අක්‍රමිකතා ඉහළ යාම හේතුවෙන් එම පියවර ගත් බවය. යාත්‍රා විකිණීම හෝ පැවරීමක් සිදු කිරීමට නම් ඒ සඳහා දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂවරුන්ගේ නිර්දේශ ලබා ගැනීම ද අද සිට අනිවාර්ය වනු අති. එම නිර්දේශ සමග කොළඹ ප්‍රධාන කාර්යාලයට පැමිණීමෙන් පසු සිදු කෙරෙන දීර්ඝ අධ්‍යනයකින් පසුව පමණක් ඒ සඳහා අවස්ථාව ලබා දෙන බව ද ධීවර දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය. මෙහෙයුම් අධ්‍යක්ෂවරිය පැවසුවේ, ඒ සඳහා ප්‍රධාන කාර්යාලයේ විශේෂ නිලධාරීන් කණ්ඩායමක් ද ක්‍රියාත්මක බවයි. මේ සම්බන්ධයෙන් සියලු දිස්ත්‍රික් කාර්යාල වෙත උපදෙස් පත්‍රිකා නිකුත් කළ බව ද කල්‍යානී හේවාපතිරණ මහත්මිය සඳහන් කළේ ය.