ජාතික ආණ්ඩුව පිහිටුවීමේ යෝජනාව ලබන සතියේ..?

ජාතික ආණ්ඩුව පිහිටුවීමේ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම කල් යයි...

by Staff writer 07-02-2019 | 5:58 AM

COLOMBO (News 1st) - ජාතික ආණ්ඩුව පිහිටුවීම පිළිබඳ යෝජනාව අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකරන බව සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

අමාත්‍යවරයා සඳහන් කළේ, අදාළ යෝජනාව ලබන සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට තීරණය වූ බවයි. ජාතික ආණ්ඩුව පිහිටුවිම පිළිබඳ වන යෝජනාව අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ඊයේ රැස්වූ පක්ෂ නායක රැස්වීමේදී තීරණය වී තිබුණි. විපක්ෂයේ විරෝධතාව නොතකා මෙම තීරණයට එළැඹි බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා නිව්ස්ෆස්ට් වෙත ප්‍රකාශ කළේ ය. මේ සම්බන්ධයෙන් අදහස් පළ කරමින්, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ද මෙම යෝජනාවට සිය විරෝධය පළ කර තිබේ.