අමල්ගේ සහ රයන්ගේ නිවෙස් පරීක්ෂාවට

අමල්ගේ සහ රයන්ගේ නිවෙස් පරීක්ෂාවට: එක් අයෙකු අත්අඩංගුවට

by Staff writer 07-02-2019 | 7:56 PM
COLOMBO (News 1st) - මාකදුරේ මධුෂ් සමග අත්අඩංගුවට පත් ජනප්‍රිය ගායන ශිල්පී අමල් පෙරේරා සහ රංගන ශිල්පී රයන් වැන් රෝයන් යන මහත්වරුන්ගේ නිවෙස්, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් අද පස්වරුවේ පරීක්ෂාවට ලක් කර තිබේ. පොලීසිය සඳහන් කළේ, අමල් පෙරේරා මහතාගේ නිවසේ තිබී කොකේන් භාවිතය සඳහා උපයෝගී කර ගන්නා උපකරණ කිහිපයක් සොයා ගත් බව ය. අමල් පෙරේරා මහතාගේ සොහොයුරු ජනප්‍රිය ගායන ශිල්පී සොහාන් පෙරේරා මහතාගෙන් නිව්ස්ෆස්ට් මේ සම්බන්ධයෙන් විමසීමක් කළේ ය. ඔහු සඳහන් කළේ, අද පස්වරුවේ අදාළ නිලධාරීන් පැමිණ සිය නිවස පරීක්ෂා කර තමාගෙන් ප්‍රකාශයක් ලබා ගත් බව ය. මත්ද්‍රව්‍ය ප්‍රවාහනයට යොදා ගන්නා බවට සැක සහිත ගමන් මල්ලක් සහ මත්ද්‍රව්‍ය මැනීම සඳහා යොදා ගන්නා ඩිජිටල් තරාදියක් රයන් වැන් රෝයන් මහතාගේ නිවසේ තිබී සොයා ගත් බව ද පොලීසිය සඳහන් කළේ ය. පොලිස් ආරංචි මාර්ග පවසන්නේ, එහිදී පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව ය.