by Staff writer 07-02-2019 | 8:48 PM
COLOMBO (News 1st) - පාතාල නායක මාකදුරේ මධුෂ් ඩුබායිහි රැඳී සිට ඇත්තේ ව්‍යාජ නමකින් බවට බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි මහතා අනාවරණය කළේ ය.
අසාද් සාලි මහතා අනාවරණය කළේ මාකදුරේ මධුෂ්, 'අජිත් අවංක වික්‍රමසූරිය' යන ව්‍යාජ නමකින් පෙනී සිට ඇති බව ය.
මේ අතර මධුෂ් ඇතුළු ශ්‍රී ලාංකිකයින් 31 දෙනෙකු අද ඩුබායි අධිකරණයට ඉදිරිපත් කර තිබේ.
අසාද් සාලි මහතා මේ බව සඳහන් කළේ, මීගමුව ප්‍රදේශයේ පැවැති උත්සවයකදී ය.