by Staff writer 06-02-2019 | 10:24 PM
COLOMBO (News 1st) - රත්නපුර, නව නගරයේදී සිදු වූ රිය අනතුරකින් අභාවප්‍රාප්ත නිව්ස්ෆස්ට් රත්නපුර වාර්තාකරු රුචිර අබේමාන්න මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද සිදු කෙරුණි.
රුචිර අබේමාන්න මහතාගේ අවසන් කටයුතු කිරීමට ප්‍රථම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ශෝක ප්‍රකාශක ඉදිරිපත් කරණු ලැබුණි.
අනතුරුව අවසන් කටයුතු සිදු කෙරුණේ ලෙල්ලොපිටිය බැරැන්ඩුව ප්‍රදේශයේ පිහිටි පවුලේ සුසාන භූමියේදී.
අභාවප්‍රාප්ත වනවිට 47 වන වියේ පසු වූ රුචිර අබේමාන්න මහතා දෙදරු පියෙකි.