ATM මූල්‍ය වංචාවට සැකපිට තිදෙනෙකු අත්අඩංගුවට

ATM මූල්‍ය වංචාවට සැකපිට විදේශිකයින් තිදෙනෙකු අත්අඩංගුවට

by Staff writer 06-02-2019 | 6:08 PM

COLOMBO (News 1st) - රාජ්‍ය හා පෞද්ගලික බැංකුවල ATM යන්ත්‍ර හරහා මුදල් වංචා කිරීමේ ජාවාරමට සැකපිට චීන ජාතිකයින් දෙදෙනෙකු සහ රුමේනියා ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කළ විමර්ශනවලදී සැකකරුවන් අත්අඩංගුවට ගත් බවය.