මලික්ගේ ක්‍රියාකලාපය පිළිබඳව පාර්ලිමේන්තු විවාදයක්

සිංගප්පූරු ගිවිසුමේදී මලික්ගේ ක්‍රියාකලාපය පිළිබඳව පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලීමට විපක්ෂය සැරසෙයි

by Staff writer 06-02-2019 | 12:53 PM
COLOMBO (News 1st) - මලික් සමරවික්‍රම අමාත්‍යවරයා සිංගප්පූරු වෙළෙඳ ගිවිසුම අත්සන් කිරීමේදී කටයුතු කර ඇති ආකාරය පිළිබඳව විවාදයට දිනයක් ලබා ගැනීම සඳහා අද පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමට ඉල්ලීමක් ඉදිරිපත් කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහින්ද අමරවීර මහතා පවසයි. ඊයේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් එම සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම රැස්වූ අවස්ථාවේදී මලික් සමරවික්‍රම අමාත්‍යවරයාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් විවාදයක් ලබා ගැනීමට තීරණය කෙරිණි. ඒ පිළිබඳ යෝජනාව ඉදිරිපත් කළේ, විමල් වීරවංශ මන්ත්‍රීවරයායි.