මහින්ද රාජපක්ෂ ගොනු කළ අභියාචනය අද සලකා බැලේ

මහින්ද රාජපක්ෂ ගොනු කළ අභියාචනය අද සලකා බැලේ

by Staff writer 06-02-2019 | 9:04 PM

COLOMBO (News 1st) - මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධූරයේත්, කැබිනට්, රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යවරුන් එම ධූරවලත් කටයුතු කිරීම වලක්වමින් නිකුත් කළ නියෝගය අවලංගු කරන්නැයි ඉල්ලා රාජපක්ෂ මහතාගේ පාර්ශවය ගොනු කළ අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණයේදී අද යළි ත් සළකා බැලුණි.

අභියාචනය සලකා බැලුවේ බුවනෙක අලුවිහාරේ සහ මුර්දූ ප්‍රනාන්දු යන විනිසුරු මඩුල්ල හමුවේය. මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිසට අතුරු නියෝගය ලබාදීමට මුල් වූ අභියාචනාධිකරණ පෙත්සම ඉවත් කර ගැනීමට තමන් සුදානම් බව ශ්‍රේෂ්ඨාධිකරණ අභියාචන පෙත්සමේ වගඋත්තරකරුවන් අද දැනුම් දුන්හ. ඔවුන් දැනුම් දුන්නේ, අභියාචනාධිකරණ පෙත්සම ගොනු කළ මන්ත්‍රීවරුන්ගෙන් අත්සන් ලබාගත යුතු බැවින් ඒ සඳහා කාලය අවශ්‍ය බවයි. එම පෙත්සම ඉවත් කර ගන්නේ නම් මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු හිටපු කැබිනට් මණ්ඩලය ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කර ඇති අභියාචන පෙත්සම ද ඉවත් කර ගැනීමට සූදානම් බව නීතිඥවරුන් අධිකරණයට දැනුම් දුන්හ. මේ අතර රනිල් වික්‍රමසිංහ මහතාට කොටස් ඇතැයි කියන සමාගමක් ආණ්ඩුවේ ආයතන සමග ගනුදෙනු කරමින් ප්‍රතිලාභ ලබා ඇති නිසා මන්ත්‍රී ධූරය දැරීම වලක්වන නියෝගයක් ඉල්ලා මේ වනවිට අභියාචනාධිකරණයේ පෙත්සමක් විභාග වෙමින් තිබේ. එම පෙත්සමේ අනාගත ඉරණම කුමක් වෙයි ද? ජනතාව අවධානයෙන්....