"මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඬුවම ස්ථීරයි.."ජනපති යළි ත් අවධාරණය කරයි

by Staff writer 06-02-2019 | 7:21 PM

COLOMBO (News 1st) - කුමන ආකාරයේ විරෝධතා මතුවූවත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සම්බන්ධයෙන් මරණ දඬුවම ක්‍රියාත්මක කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද යළි ත් අවධාරණය කර තිබේ.

අද පස්වරුවේ පාර්ලිමේන්තුව අමතමින් ජනාධිපතිතුමා මේ අදහස් පළ කළේ ය. මෙහිදී විනිශ්චකාරවරුන්ට උසස්වීම් ලබාදීමේදී මතුව ඇති ගැටලු සම්බන්ධයෙන් ද ජනාධිපතිතුමා අදහස් පළ කළේ ය.