නීති විරෝධිව මසුන් ඇල්ලූ 11 දෙනෙක් කොටුවෙති

නීති විරෝධි දැල් භාවිත කරමින් මසුන් ඇල්ලූ පුද්ගලයින් 11 දෙනෙකු නාවික හමුදා භාරයට

by Staff writer 06-02-2019 | 3:37 PM

COLOMBO (News 1st) - කල්පිටිය, සින්නපාඩු මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධි දැල් භාවිත කරමින් මසුන් ඇල්ලූ පුද්ගලයින් 11 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට ගෙන තිබේ.

නාවික හමුදාව සඳහන් කළේ, ඔවුන් සතුව තිබූ තහනම් දැල් 02 ක්, ඩිංගි යාත්‍රා 04 සහ අල්ලන ලද මසුන් කිලෝග්‍රෑම් 2487 ක් නාවික හමුදා භාරයට ගත් බවයි. පුද්ගලයින්, තහනම් දැල්, යාත්‍රා, මසුන් තොගය සහ අනෙකුත් ධීවර ආම්පන්න, ඉදිරි නීතිමය කටයුතු සඳහා පුත්තලම, ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙත භාරදීමට කටයුතු කරන බව නාවික හමුදාව සඳහන් කළේ ය.