ඩඩ්ලි සිරිසේනගේ අනතුරු ඇඟවීම...

by Staff writer 06-02-2019 | 8:07 PM

COLOMBO (News 1st) - ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා අද කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවා තිබුණි.

ව්‍යාපාරික, ඩඩ්ලි සිරිසේන
මේ මයික්‍රෝ ක්‍රෙඩිට් කියන මේ ණය ක්‍රමය මම වගකීමෙන් කියන්නේ, රටේ පාතාලේ මෙහෙය වන්නේ දේශපාලඥයින්ගේ සම්බන්ධයක් ඇරන් තමයි මේක කරන්නේ. මේ රටේ අහිංසක මිනිස්සු හැම කෙනෙක්ම ඩේලි කලෙක්ෂන් එකට ගත්ත ණයෙන් තමයි දුවන්නේ. සීයට හැත්තෑපහටත් වඩා වෙනවා වැල් පොලී මේ ණය ගෙවාගන්න බැරි වුණාම ලිංගික අල්ලස් ගන්න එක තමයි මේකේ දෙවැනි ක්‍රියාව. රටේ අහිංසකයා මංකොල්ලකන ක්‍රමවේදය. විශේෂයෙන්ම මේ රටේ පොලිස්පතිවරයා රටේ ප්‍රසිද්ධ නළුවෙක් විදිහට, ගායකයෙන් විදිහට, නැට්ටුවෙක් විදිහට. මේ තැන්වග තියෙන වගකීම් ඉෂ්ට කරන්න කරුණාකරලා මේ රටේ ජනතාව ණය ගෙවාගන්න බැරි අය තමන්ට තියෙනව වගකීම් ගැන පොලීසියට පැමිණිල්ලක් කරන්න. මේ තියෙන්නේ මගේ ණය ප්‍රමාණය පොළිය මම එක තත්ත්පරයකට රුපියල් 37 සත 64 ක් ගෙවනවා. මගේ ණය මට ගෙවන්න බැරිකමක් නෑ. නමුත් මගේ සහෝදර ජනතාව තමුන්ගේ නිවස බේරාගන්න මගෙන් උදව් ඉල්ලනවා විශේෂයෙන්ම මම ජනාධිපතිතුමාගේ මල්ලී නිසා. මේ තත්ත්වය පිළිබඳ අතිගරු ජනාධිපතිතුමණි අගමැතිතුමනි, විපක්ෂනායකතුමනි මේ මයික්‍රෝ කෙඩිට් කාරයෝ ගහලා එලවන්න ඕනෑ මේ ප්‍රදේශවලින්. මම ඒකට මූලිකත්වය ගන්නවා. අද දින මම රටින් පිට යනවා දවස් කීපයකට. මම ඒ අයට දිනයක් දෙනවා තමුන්නාන්සේලාගේ ගනුදෙනු ලබන මාර්තු 31 වෙද්දී බේරගන්න. ලංකාවේ ආදර්ශමත් දිස්ත්‍රික්කයක් විදිහට මයික්‍රෝ ක්‍රෙඩිට් කාරයෝ ගහලා එලවන මෙහෙයුම මගේ නායකත්වයෙන් මම මෙහෙයවනවා කියන එක මම වගකීමෙන් කියනවා.
විදුලිය වංචා පිළිබඳවත් මෙහිදී අදහස් පළ විය. ව්‍යාපාරික, ඩඩ්ලි සිරිසේන
මේ ඊයේ පෙරේදා පටන් අරන් තියෙනවා බිලියන 90 ක් පාඩු පිට එල්එන්ජී විදුලි ටෙන්ඩරය චීනයටදීමට කැබිනට් පත්‍රිකාවක් ගෙන ඒමේ සූදානමක්. මම දැක්කා සිරස ප්‍රවෘත්තිවල මේ පිළිබඳ ලස්සන පැහැදිලි කිරීමක් කළා. ඒ කම්පියුටරයේ ටෙන්ඩර් ඩොකියුමන්ට් එක වෙන කොම්පියුටරකට දාපුවම ඔන් වෙනවාලු දාපු එකේ ඔන්වෙන්නේ නෑ කියලා සැම්සුන් සමාගම ඒකෙන් කපා හැරියා. අතිගරු ජනාධිපතිතුමනි මට ඔබතුමා සමග පුද්ගලිකව මේ ගැන කතා කරන්න බැරිකමක් නෑ. ඔබතුමා මට මේක කියන්න කියලා කියලා එව්වෙත් නෑ. නමුත් මේක බලන්න. ලෝකයේ විදුලිය නිෂ්පාදනය කිරීම සඳහා මොන රටේද මේ එල්එන්ජී ක්‍රමය භාවිත කරන්නේ. මේ අභියෝගය.මේ සියලු දේ තියෙන්නේ බයෝ මාෂ්, ගල්අගුරු, පිරිසිදු ගල් අඟුරු, සුළං මේ වගේ ක්‍රමවේදයක් මිසක් මේ එල්එන්ජී ගැස් වියදම් කරලා මේ ටෙන්ඩරයේ පාඩුව බිලියන 90ක් කියනවා මේකේ පාඩුව. මේකේ සම්තින් කොහේට හරි ගෙව්ව ඒවා ඇති. ඊළඟ ගනුදෙනුව මම කියන්නම් පුල්මුඩේ ඉල්මනයිට් එකට දැන් ආණ්ඩුවේ අවසානය වෙන්න යද්දී මේ තකහනියේ මේවා එහේ මෙහේ කරලා බලෙන් හරි අනුමත කරලා පොකට් එක පුරවගන්න යන දේශපාලඥයින්, මම ඉතා වගකීමෙන් කියනවා මගේ අයියා මට අද රෑට හොඳටම බනිනවා කියලා මම දන්නවා. හැබැයි ඔය පාර්ලිමේන්තුවේ වැඩිම කාලයක් ටයි කෝටි ඇඳගෙන ඉන්නේ හොඳම හොරු කියන එක මම වගකීමෙන් කියනවා. එක කොටසක් ජනවාර්ගික ප්‍රශ්නය අවුස්සාගෙන ටයිකෝටි ඇඳන් හොරකම් කරනවා. මොන ආණ්ඩුව පත්වුණත් මොන ජනාධිපති පත්වුණත් ඒ ඇමති ඒ අමාත්‍යංශයේ ඇයි ඒකේ පැණිවදයක් තියෙනවාද. ඒවගේ ජරා දේශපාලනය මේ රටින් තුරන් විය යුතුයි.