නීති විරෝධි දැල් භාවිත කරමින් මසුන් ඇල්ලූ පුද්ගලයින් 11 දෙනෙකු නාවික හමුදා භාරයට

නීති විරෝධි දැල් භාවිත කරමින් මසුන් ඇල්ලූ පුද්ගලයින් 11 දෙනෙකු නාවික හමුදා භාරයට

නීති විරෝධි දැල් භාවිත කරමින් මසුන් ඇල්ලූ පුද්ගලයින් 11 දෙනෙකු නාවික හමුදා භාරයට

කර්තෘ Staff writer

06 Feb, 2019 | 3:37 pm

COLOMBO (News 1st) – කල්පිටිය, සින්නපාඩු මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධි දැල් භාවිත කරමින් මසුන් ඇල්ලූ පුද්ගලයින් 11 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට ගෙන තිබේ.

නාවික හමුදාව සඳහන් කළේ, ඔවුන් සතුව තිබූ තහනම් දැල් 02 ක්, ඩිංගි යාත්‍රා 04 සහ අල්ලන ලද මසුන් කිලෝග්‍රෑම් 2487 ක් නාවික හමුදා භාරයට ගත් බවයි.

පුද්ගලයින්, තහනම් දැල්, යාත්‍රා, මසුන් තොගය සහ අනෙකුත් ධීවර ආම්පන්න, ඉදිරි නීතිමය කටයුතු සඳහා පුත්තලම, ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙත භාරදීමට කටයුතු කරන බව නාවික හමුදාව සඳහන් කළේ ය.

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]