ඩොනල්ඩ් ට්‍රම්ප්, උතුරු කොරියානු නායකයා අතර පවත්වන 2 වන සමුළුව පිළිබඳව නිවේදනය කරයි

ඩොනල්ඩ් ට්‍රම්ප්, උතුරු කොරියානු නායකයා අතර පවත්වන 2 වන සමුළුව පිළිබඳව නිවේදනය කරයි

ඩොනල්ඩ් ට්‍රම්ප්, උතුරු කොරියානු නායකයා අතර පවත්වන 2 වන සමුළුව පිළිබඳව නිවේදනය කරයි

කර්තෘ Sakila Udayakumara

06 Feb, 2019 | 10:36 am

(News 1st) – අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හා උතුරු කොරිනානු නායක කිම් ජොන් උන් අතර දෙවන න්‍යෂ්ටික සමුළුව පිළිබඳව නිවේදනය කර තිබේ.

විදෙස් වාර්තා පවසන්නේ සිය දෙවන න්‍යෂ්ටික සමුළුව මෙම මාසයේදී පවත්වන බවට අමෙරිකානු ජනාධිපතිවරයා නිවේදනය කළ බව ය.

එරට ජාතිය අමතමින් අමෙරිකානු ජනාධිපතිවරයා මේ බව සඳහන් කර තිබේ.

මෙහිදී ඔහු ජාතිය අමතා ඇත්තේ ‘ශ්‍රේෂ්ඨත්වය තෝරා ගැනීම’ යන්න තේමා කර ගනිමිනි.

අමෙරිකාව සහ මෙක්සිකෝව වෙන් කරමින් මායිම් තාප්පය ඉදිකිරීම පිළිබඳව ඩොනල්ඩ් ට්‍රම්ප් මෙහිදී ප්‍රතිඥා දී තිබේ.

ඩොනල්ඩ් ට්‍රම්ප් අමෙරිකාවේ වටිනාකම් අත්තනෝමතික ලෙස කඩ කරන බවට ඩිමොක්‍රටික් පාක්ෂිකයෝ චෝදනා කරති.

ඔවුන් පවසන්නේ, ට්‍රම්ප්ගේ ක්‍රියාකලාපය හමුවේ අමෙරිකානු ආණ්ඩුව අක්‍රීය වීම ඉතිහාසගත වූ බව ය.