by Staff writer 05-02-2019 | 4:03 PM
COLOMBO (News 1st) - ඵෛතිහාසික කිරලාගල දාගැබ මත සිට ඡායාරූප ගෙන ඒවා අන්තර්ජාලයට මුදා හැරීමේ චෝදනාවට අත්අඩංගුවට ගත් සැකකරුවන් 8 දෙනා රුපියල් 50000 බැගින් වූ දඩ මත මුදා හැරිණි.
ඒ, සැකකරුවන් කැබිතිගොල්ලෑව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ය.
සැකකරුවන් 8 දෙනා අග්නිදිග විශ්වවිද්‍යාලයේ ඉන්ජිනේරු පීඨයේ අවසන් වසරේ ඉගෙනුම ලබන සිසුන් ය.
චෝදනා තුනක් යටතේ හොරොව්පතාන පොලීසිය සැකකරුවන්ට එරෙහිව චෝදනා ගොනු කර තිබිණි.
එහිදී චෝදනා තුනෙන් දෙකකට රුපියල් දහස බැගින් රජයේ ගාස්තු ගෙවන ලෙසට සැකකරුවන්ට නියම කෙරිණි.
සෙසු චෝදනාවන්ට රුපියල් 5000 බැගින් දඩ නියම කරමින් සැකකරුවන් මුදා හැරීමට අධිකරණය නියෝග කළේ ය.
ඵෙතිහාසික කිරලාගල දාගැබ පිහිටා ඇත්තේ මැදවච්චිය, හොරොව්පතාන ප්‍රදේශයේයි.