එ.ජා.ප.යේ ජාතික ආණ්ඩු යෝජනාව ගැන නිදහස් සන්ධානය තීරණයකට එළැඹෙයි

එ.ජා.ප.යේ ජාතික ආණ්ඩු යෝජනාව ගැන නිදහස් සන්ධානය තීරණයකට එළැඹෙයි

එ.ජා.ප.යේ ජාතික ආණ්ඩු යෝජනාව ගැන නිදහස් සන්ධානය තීරණයකට එළැඹෙයි

කර්තෘ Staff writer

05 Feb, 2019 | 5:44 pm

COLOMBO (News 1st) – එක්සත් ජාතික පක්ෂයේ ජාතික ආණ්ඩු යෝජනාවට විරුද්ධව ඡන්දය භාවිත කිරීම සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු කණ්ඩායම අද ඒකමතිකව තීරණය කළේ ය.

එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්විණි.

ජාතික ආණ්ඩු යෝජනාවට විරුද්ධව ඡන්දය භාවිත කරන බව මෙම සාකච්ඡාවේදී මන්ත්‍රීවරුන් සඳහන් කර තිබේ.

සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ජාතික ආණ්ඩුවක් බිහි කර අමාත්‍ය ධූර වැඩි කර ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගැනීමේ යෝජනාවක් කථානායකවරයා වෙත පසුගියදා භාර දුන්නේ ය.

ලබන 07 වන දා ඊට අදාළ විවාදයක් පාර්ලිමේන්තුවේදී පැවැත්වෙන බව ද එදින කිරිඇල්ල මහතා සඳහන් කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]