71 වැනි ජාතික දිනය වෙනුවෙන් රැඳවියන් 545කට නිදහස

71 වැනි ජාතික දිනය වෙනුවෙන් රැඳවියන් 545කට නිදහස

by Staff writer 04-02-2019 | 7:32 AM
COLOMBO (News 1st) : 71 වැනි ජාතික දිනය වෙනුවෙන් රැඳවියන් 545 දෙනෙකුට නිදහස ලබාදීමට පිවර ගෙන ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි. එහි මාධ්‍ය ප්‍රකාශක, තුෂාර උපුල්දෙණිය මහතා පැවසුවේ, සුළු වැරදි සම්බන්ධයෙන් බන්ධනාගාරගත වූ රැඳවියන් පිරිසකට එලෙස නිදහස ලබාදෙන බවයි. මරණ දඬුවම ඇතුළු බරපතළ ගණයේ අපරාධ වෙනුවෙන් බන්ධනාගාරගතව සිටින රැඳවියන් සඳහා එලෙස සමාව ලබාදී නොමැති බව ද ඔහු පැවසී ය. මේ අතර අද උදෑසන 9 සිට සිරකරුවන් හමුවීමට ඥාතීන්ට අවස්ථාව ලබා දී තිබේ. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණිය මහතා සඳහන් කළේ, ඥාතීන් විසින් ගෙන එන පිසු ආහාර ලබා ගැනීමට ද සිරකරුවන්ට අද අවස්ථාව හිමිවන බවයි.