විනෝදාස්වාදය ඛේදාන්තයකින් නිම වූ වේයන්ගොඩ හදිසි අනතුර...

by Staff writer 04-02-2019 | 4:40 PM

COLOMBO (News 1st) - වේයන්ගොඩ, නයිවල පිහිටි ළමා උද්‍යානයක කතුරු ඔංචිල්ලාවක කොටසක් කඩා වැටීමෙන් කාන්තාවක් මිය ගොස් දැරියක් බරපතළ ලෙස තුවාල ලබා තිබේ.

පොලීසිය සඳහන් කළේ, මව සහ දියණිය අද පෙරවරුවේ අනතුරට මුහුණ පා ඇති බවයි. අනතුරින් මිය ගියේ 47 හැවිරිදි කොටුගොඩ ප්‍රදේශයේ පදිංචිකාරිණියකි. තුවාල ලැබූ ඇයගේ 13 හැවිරිදි දැරිය ප්‍රතිකාර සඳහා ගම්පහ දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කර ඇති අතර වැඩිදුර ප්‍රතිකාර සඳහා ජාතික රෝහලට මාරු කර යැවූ බව පොලීසිය සඳහන් කළේ ය.