සිසුවිකගේ මළ සිරුරක් මාවුස්සාකැලේ ජලාශයෙන් හමුවෙයි

අතුරුදන් වූ සිසුවියගේ මළ සිරුර මාවුස්සාකැලේ ජලාශයෙන් හමුවෙයි

by Staff writer 04-02-2019 | 4:56 PM

COLOMBO (News 1st) - මස්කෙළිය, මාවුස්සාකැලේ ජලාශයේ පාවෙමින් තිබූ පැසැල් සිසුවියකගේ මළ සිරුරක් සොයා ගෙන තිබේ.

එම මළ සිරුර මස්කෙළිය, ග්ලැන්ටින් වතුයායේ පදිංචි 16 හැවිරිදි සිසුවියකගේ බව පොලීසිය සඳහන් කළේ ය. ඇය දින තුනක පමණ සිට නිවසින් අතුරුදන්ව ඇති බවට පවුලේ ඥාතීන් විසින් පොලීසියට පැමිණිල්ලක් ද කර ඇත. මළ සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට නියමිතයි. සිද්ධිය සම්බන්ධයෙන් මස්කෙළිය පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.