by Staff writer 03-02-2019 | 9:50 PM
COLOMBO (News 1st) : නිව්ස්ෆස්ට් රත්නපුර වාර්තාකරු රුචිර අබේමාන්න මහතා අද රාත්‍රීයේ සිදුවූ රිය අනතුරකින් අභාවප්‍රාප්ත විය.
රත්නපුර පොලීසිය පැවසුවේ, රත්නපුර නව නගරයේදී එම අනතුර සිදුව ඇති බවයි.
අධික වේගයෙන් වැරදි මංතීරුවේ පැමිණි ජීප් රථයක් රුචිර අබේමාන්න මහතා ගමන් ගත් යතුරු පැදියේ ගැටී ඇති අතර පසුව යතුරු පැදිය මද දුරක් ඉදිරියට ඇදී ගොස් කුරුවිට දෙසින් පැමිණි ලොරි රථයක ද ගැටී නැවතී තිබේ.
අනතුර සිදුකළ ජීප් රථයේ රියැදුරු පලා ගොස් ඇති අතර සැකකරු අත්ඩංගුවට ගැනීමට පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.
දීර්ඝ කාලයක සිට නිව්ස්ෆස්ට් කණ්ඩායමේ ක්‍රියාශිලි සගයෙකු වූ රුචිර අබේමාන්න මහතා ප්‍රදේශයේ බොහෝ දෙනෙකුගේ ආදරය දිනා සිටි මාධ්‍යවේදියෙකු ද වේ.