by Staff writer 03-02-2019 | 6:36 PM
COLOMBO (News 1st) : ස්පෝර්ට්ස් ෆස්ට් - අලියාන්ස් ප්ලැටිනම් සම්මාන උළෙලේ ප්‍රවර්ධන වැඩසටහනේ 19 වැනි දිනය අදයි.
මෙම උළෙල සංවිධානය කරන්නේ, පසුගිය වසර දෙක තුළ දෙස් විදෙස් කෙළි බිමේ ඉහළ දක්ෂතා දැක්වූ මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගයීම සඳහායි.
කුරුණෑගල වයඹ රාජකීය විද්‍යාලයේදී මෙම ප්‍රවර්ධන වැඩසටහන පැවැත්වුණේ අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරීන්ගේ මෙන්ම සීමාසහිත කැපිටල් මහරාජා සංවිධානයේ සහ අලියාන්ස් සමාගමේ නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙනි.
ප්‍රදේශයේ පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් වැඩසටහනට එක්ව සිටි අතර රග්බි, පා පන්දු සහ බේස්බෝල් පුහුණු වැඩසහටන් ද ඊට ඇතුළත් විය.
කුරුණෑගල දිස්ත්‍රික්කයේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස සම්මාන දිනා ගත්තේ යොවුන් ඔලිම්පික් උළෙලේදී ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කමක් දිනා දුන් කුලියාපිටිය මධ්‍ය විද්‍යාලයේ පාරමි වසන්ති මාරිස්ටෙලායි.
මෙම ප්‍රවර්ධන වැඩසටහනට සමගාමිව, අපේක්ෂාවේ ගිනි සිළුව රැගත් පිරිස කුරුණෑගල සිට කෑගල්ල දක්වා ගමන් ආරම්භ කළහ.
මග දෙපස රැස්ව සිටි ජනතාවගේ උණුසුම් ප්‍රතිචාර මධ්‍යෙය් මේ චාරිකාව, පුවක්පිටිය හා පොල්ගහවෙල පසුකරමින් ළඟා වුණේ කෑගල්ලටයි.
හෙට ප්ලැටිනම් සම්මාන ප්‍රවර්ධන වැඩසටහන කෑගල්ල නගරය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.