by Staff writer 03-02-2019 | 4:48 PM
COLOMBO (News 1st) : උතුරු සහ නැගෙනහිර පළාත්වල වැසි තත්වයේ වැඩි වීමක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඌව, උතුරුමැද සහ මධ්‍යම පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් වැසි ඇති විය හැකි බවයි.
උතුර, උතුරුමැද, මධ්‍යම, බස්නාහිර, සබරගමුව සහ නැගෙනහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ක පමණ තද වැසි ඇතිවිය හැකියි.
දිවයිනේ සෙසු ප්‍රදේශවලට ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ය.
ගිඟුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකියි.