"පලතුරු ඉදවීමට රසායනික ද්‍රව්‍ය භාවිතය තහනම්"

පලතුරු ඉදවීමට රසායනික ද්‍රව්‍ය භාවිතය තහනම් කනර බව විෂයභාර ඇමති කියයි

by Sagarika Chathumali 03-02-2019 | 9:27 AM
COLOMBO (News 1st) : පලතුරු ඉදවීම සඳහා රසායන ද්‍රව්‍ය භාවිතය සම්පූර්ණයෙන් ම තහනම් කරන බව කෘෂිකර්ම අමාත්‍ය පී.හැරිසන් මහතා පවසයි. අමාත්‍යවරයා පැවසුවේ කෘතිමව ලෙස පලතුරු ඉදවීම අවම කර වස විෂෙන් තොර සෞඛ්‍ය සම්පන්න පළතුරු පාරිභෝගිකයා වෙත ලබා දීමේ අරමුණින් මෙම පියවර ගන්නා බවයි. ස්වභාවික සහ පර්යේෂණ අංශ පිළිගත් ක්‍රමවේද යටතේ පමණක් මින් ඉදිරියට පළතුරු ඉදවීම සිදුකළ යුතු බව ද අමාත්‍යවරයා පැවසී ය.