by Staff writer 03-02-2019 | 3:52 PM
COLOMBO (News 1st) : 71 වන ජාතික දිනය වෙනුවෙන් රැඳවියන් 545 දෙනෙකුට නිදහස ලබාදීමට පිවර ගෙන ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.
එහි මාධ්‍ය ප්‍රකාශක, තුෂාර උපුල්දෙණිය මහතා පැවසුවේ, සුළු වැරදි සම්බන්ධයෙන් බන්ධනාගාරගත වූ රැඳවියන් පිරිසකට එලෙස නිදහස ලබාදෙන බවයි.
මරණ දඬුවම ඇතුළු බරපතළ ගණයේ අපරාධ වෙනුවෙන් බන්ධනාගාරගතව සිටින රැඳවියන් සඳහා එලෙස සමාව ලබාදී නොමැති බව ද ඔහු පැවසී ය