2019 ආසියානු පාපන්දු කිරුළ කටාර් රාජ්‍යයට

2019 ආසියානු පාපන්දු කිරුළ කටාර් රාජ්‍යයට

by Staff writer 02-02-2019 | 8:03 AM

කටාර් රාජ්‍ය 2019 ආසියානු කුසලාන පාපන්දු කිරුළ හිමිකර ගෙන තිබේ.

ඒ, අවසන් මහා තරගයේදී ජපාන කණ්ඩායම පරාජය කරමිනි. ආසියාවේ ප්‍රබල කණ්ඩායම් 24 කගේ සහභාගීත්වයෙන් මෙවර 2019 ආසියානු කුසලාන පාපන්දු තරගාවලිය පැවැත් විණි.. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැති මෙවර තරගාවලියේ අවසන් මහා තරගයේදී කටාර් රාජ්‍ය සමග තරග වැදුණේ ජපානයයි. තරගයේ ආරම්භයේ සිටම කටාර් ක්‍රීඩකයින්ගෙන් ප්‍රතිවාදී ජපාන ක්‍රීඩකයින් දැඩි අභියෝගයක් එල්ල විය. කටාර් ක්‍රීඩකයින් සිය කණ්ඩායමට පළමු ගෝලය එක්කර ගත්තේ තරගයේ 12 වන මිනිත්තුවේදීයි. නැවතත් ක්‍රියාත්මක වූ ඔවුන් තරගයේ 27 වන මිනිත්තුවේදී දෙවන ගෝලය වාර්තා කළේ ය. ප්‍රතිවාදී ජපාන ක්‍රීඩකයින්ට තරගයේ පළමු අර්ධයේදී කිසිදු ගෝලයක් වාර්තා කිරීමට අවස්ථාවක් හිමිවුනේ නැත. ඒ අනුව තරගයේ පළමු අර්ධය අවසන් වූයේ ගෝල 2 ට 0 ක් ලෙස කටාර් කණ්ඩායමට පෙරමුණ හිමිකර දෙමිනි. තරගයේ දෙවන අර්ධය ද උණුසුම් මුහුණුවරක් ගත් අතර ජපාන ක්‍රීඩකයින් තරගයේ 69 වන මිනිත්තුවේදී සිය පළමු ගෝලය වාර්තා කළේ ය. කටාර් ක්‍රීඩකයින් දඬුවම් පහරක් මගින් සිය කන්ඩායමට තුන්වන ගෝලය එක්කර ගත්තේ තරගයේ 83 වන මිනිත්තුවේදීයි. ඒ අනුව ගෝල 3 ට 1 ක් ලෙස ජපාන ක්‍රීඩනයින්ව පරාජය කරමින් කටාර් රාජ්‍ය 2019 ආසියානු කුසලාන පාපන්දු කිරුළ හිමිකර ගත්තේ ය.