විද්‍යා පීඨවලට අයැදුම්පත් ලබා ගැනීම Online ක්‍රමයට

විද්‍යා පීඨ සඳහා මෙවර අයැදුම්පත් ලබා ගැනීම Online ක්‍රමයට

by Staff writer 02-02-2019 | 7:46 AM

COLOMBO (News 1st) - ජාතික අධ්‍යාපන විද්‍යා පීඨ සඳහා මෙවර අයැදුම්පත් ඔන්ලයින් ක්‍රමයට ද භාර ගන්නා බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

විද්‍යා පීඨ ප්‍රධාන කොමසාරිස් කේ.එන්.එච්. බණ්ඩාර මහතා සඳහන් කළේ, නියමු ව්‍යාපෘතියක් ලෙස එය ක්‍රියාත්මක කරන බවයි. ප්‍රාථමික අධ්‍යාපනය, ගණිතය, විද්‍යාව සහ තොරතුරු තාක්ෂණය සඳහා ජාතික අධ්‍යාපන විද්‍යා පීඨ සඳහා මෙවර වැඩි පිරිසක් බඳවා ගන්නා බව ද ඔහු ප්‍රකාශ කළේ ය.