වල්ලපට්ටා සමග සැකකරුවෙක් ගුවන්තොටේදී රේගු භාරයට

වල්ලපට්ටා කිලෝ 27 ක් සමග සැකකරුවෙක් ගුවන්තොටේදී රේගු භාරයට

by Staff writer 02-02-2019 | 12:04 PM

COLOMBO (News 1st) - වල්ලපට්ටා කිලෝග්‍රෑම් 27 ක් මෙරටින් රැගෙන යෑමට උත්සහ කළ ශ්‍රී ලාංකිකයෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී රේගු අත්අඩංගුවට පත් ව තිබේ.

එහි වටිනාකම රුපියල් ලක්ෂ 12 කි. ඔහු මුම්බායි හරහා ඩුබායි බලා පිටත්ව යෑමට සූදානම්ව සිටියදී අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු 21 හැවිරිදි මීගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. වල්පපට්ටා තොගය රාජසන්තක කර ඇති අතර සැකකරු රුපියල් ලක්ෂයක දඩයක් මත මුදා හැරුණු බව රේගුව ප්‍රකාශ කළේ ය.