ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

by Staff writer 02-02-2019 | 6:26 AM

දේශීය පුවත්

1. ශ්‍රී ලංකා නාවික හමුදාව නිෂ්පාදන කළ වෙරළ මුර යාත්‍රා දෙකක් සීෂෙල්ස් රාජ්‍යයට: ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නිෂ්පාදන කරන ලද වෙරළ මුර යාත්‍රා දෙකක් ජනපති විසින් සීෂෙල්ස් රාජ්‍ය වෙත නිල වශයෙන් භාරදී තිබේ. 2. නව අධ්‍යක්ෂ ජෙනරාල් පත් කිරීමේ කැබිනට් පත්‍රිකාව ඉවත් කරගන්නා තෙක් රේගු නිලධාරීන් අකුරට වැඩ: රේගු අධ්‍යක්ෂ ජෙනරාල්වරයකු පත් කිරීමට අදාළ කැබිනට් පත්‍රිකාව ඉවත් කරගන්නා තෙක් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය අත්නොහරින බවට රේගු නිලධාරීන් අනතුරු අඟවති. 3. ඇමති මණ්ඩලය 48 දක්වා වැඩි කරන්නැයි එජාපයෙන් පාර්ලිමේන්තුවට යෝජනාවක්: එක්සත් ජාතික පක්ෂය ජාතික ආණ්ඩුවක් පිහිටුවා ඇතැයි කියන යෝජනාවක් සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තු මහලේකම්වරයාට භාරදී තිබේ. 4. ශ්‍රී.ල.නි.ප යේ මීළඟ ජනාධිපති අපේක්ෂක ධූරයත් ජනපතිට: ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මීළඟ ජනපතිවරණ අපේක්ෂකයා ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නම පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා විසින් යෝජනා කර තිබේ. 5. රනිල් වික්‍රමසිංහගේ පාර්ලිමේන්තු අසුන අභියෝගයට ලක් කළ පෙත්සම් විභාගය ලබන 12 වන දාට කල් යයි: අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ලිමේන්තු අසුන අභියෝගයට ලක් කළ පෙත්සම විභාග කිරීම ලබන 12 වන දාට කල් තබා තිබේ. 6. සිසුවෙකුට පහර දුන් ගුරුවරියකට වසර 02 ක සිර දඬුවම්: පාසල් සිසුවෙකුට පහරදීමට වරදකරු වූ පාසල් ගුරුවරියකට කුරුණෑගල මහාධිකරණය බරපතළ වැඩ සහිත වසර දෙකක සිර දඬුවම් නියම කර තිබේ.

විදෙස් පුවත්

7. අමෙරිකානු ජනපති චීන ජනපති හමුවීමේ අපේක්ෂාවෙන්: හැකි ඉක්මනින් චීන ජනාධිපතිවරයා හමුවීමට තමා අපේක්ෂා කරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.