අනිල් කපූර් සහ ජුහී චවුලාගේ අලුත් ප්‍රේම කතාව

අනිල් කපූර් සහ ජුහී චවුලා යළි රිදී තිරයේ පෙම්වතුන් වෙති

by Staff writer 02-02-2019 | 11:14 AM

වසර ගණනාවකට පසු අනිල් කපූර් සහ ජුහී චවුලා රිදී තිරය වර්ණවත් කරන 'ඒක ලඩ්කී කෝ දේකාතෝ ඒසා ලගා' සිනමා පටය ලොවපුරා තිරගතවීම් ආරම්භ කර තිබේ.

මෙම සිනමා පටය, අනිල් කපූර්ගේ සිනමා දිවියේ සුවිශේෂී සටහනක් වන්නේ ඔහුගේ දියණිය සෝනම් කපූර් සමග පියා සහ දියණිය යන චරිත සිනමා තිරයේදී ද රූපණය කරන්නට ඉන් අවස්ථාව උදාවීමත් සමගයි. 'ඒක ලඩ්කී කෝ දේකාතෝ ඒසා ලගා' සිනමා පටය ෂෙලි චොප්රා දාල්ගේ අධ්‍යක්ෂණයකි. සිනමා විචාරකයින් පවසන්නේ, එය බොක්ස් ඔෆිස් වාර්තා තබමින් ලොවපුරා සිනමා ශාලාවල තිරගත වනු ඇති බවයි.