'සේනා' උවදුරෙන් පීඩා විඳින ගොවීන්ගේ රක්ෂණයට සිදු වූයේ කුමක් ද?

by Staff writer 01-02-2019 | 9:09 PM

COLOMBO (News 1st) - අම්පාර දිස්ත්‍රික්කයේ බඩ ඉරිඟු වගා කළ ගොවීන්ගේ කෘෂි රක්ෂණ අරමුදල් අක්‍රමිකතාවක් පිළිබඳව අප අනාවරණයක් කළෙමු.

සේනා දළඹු උවදුරු පිළිබඳව කෘෂි නිලධාරීන් සමග ගම්මැද්ද මේ දිනවල සිදු කරන දැනුවත් කිරීමේ වැඩසටහනේදී මේ අක්‍රමිකතාව අනාවරණය විය. මෙවර අම්පාර දිස්ත්‍රික්කයේ හෙක්ටයාර් 12000 ක පමණ බඩ ඉරිඟු වගා කර තිබේ. ගොවීන් බොහොමයක් බඩ ඉරිඟු වගාකර තිබුනේ රාජ්‍ය බැංකුවලින් ලබාදුන් ණය පහසුකම් උපයෝගී කර ගනිමිනි. බැංකු මගින් අදාළ ණය මුදල් ලබාදීමට පෙර මුළු ණය මුදලේ වටිනාකමින් 5% ක පමණ මුදලක් කෘෂි රක්ෂණය සඳහා රඳවා ගත් බව ගොවීන් පවසති.