පාසල් ගුරුවරියකට වසර 02 ක සිර දඬුවම්

සිසුවෙකුට පහර දුන් ගුරුවරියකට වසර 02 ක සිර දඬුවම්

by Staff writer 01-02-2019 | 4:51 PM

COLOMBO (News 1st) - පාසල් සිසුවෙකුට පහරදීමට වරදකරු වූ පාසල් ගුරුවරියකට කුරුණෑගල මහාධිකරණය අද බරපතළ වැඩ සහිත වසර දෙකක සිර දඬුවම් නියම කර තිබේ.

එලෙස දඬුවම් නියම වූයේ, කුරුණෑගල නගරාසන්න විද්‍යාලයක සේවය කළ 55 හැවිරිදි ගුරුවරියකටයි. දඬුවම නියම කරමින් මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර මහත්මිය නියෝග කළේ, අගතියට පත් සිසුවාට රුපියල් ලක්ෂයක වන්දියක් ගෙවන ලෙස ය. එය නොගෙවන්නේ නම් තව ත් මාස තුනක සිර දඬුවමක් ද නියම කළ විනිසුරුවරිය රුපියල් 10,000 ක දඩයක් ද නියම කළා ය. 2011 වසරේදී මෙම පහරදීම සිදු කර තිබේ.