ශ්‍රී.ල.නි.ප යේ මීළඟ ජනාධිපති අපේක්ෂක ධූරයත් ජනපතිට

by Staff writer 01-02-2019 | 3:13 PM

COLOMBO (News 1st) - ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මීළඟ ජනපතිවරණ අපේක්ෂකයා ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නම අද රැස් වූ එම පක්ෂයේ අනුරාධපුර දිස්ත්‍රික් සමුළුවේදී ‍යෝජනා ස්ථිර වී තිබේ.

ජනාධිපතිතුමාගේ නම ඒ සඳහා යෝජනා කර ඇත්තේ, පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා විසිනි. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කරලියැද්ද මහතා එය ස්ථිර කර තිබේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රතිසංවිධාන වැඩපිළිවෙළ යටතේ පැවති පළමු සමුළුව මෙයයි.